Sunday, March 18, 2012

Windows XP වල Virus මඟින් අක්‍රිය කරන ලද Task Manager, Folder Options සහ Regedit සක්‍රිය කිරීම

Task Manager සක්‍රිය කිරීම


Ctrl+Alt+Del මඟින් Windows Task Manager ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී පහත Error එක දිස් වේ. 

එසේ ම Task Bar එක මත Right Click කිරීමේ දී මේසේ දිස් වේ.
 


එය මග හරවා ගැනීම සඳහා පහත ක්‍රියා මාර්ගය අනුගමනය කළ හැකි ය.

Start මෙනුවෙන් Run තෝරා ගෙන එහි regedit ලෙස Type කර OK කරන්න. 

එවිට ලැබෙන Registry Editor හි පහත Key එක තෝරා ගන්න.

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System
 
එහි දකුණු පස පෙනෙන DisableTaskMgr යන්නෙහි REG_DWORD Value එක 0 කර OK කරන්න.


මෙසේ කිරීම අපහසු නම් පහත registry tweak tool එක Download කර Run කිරීමෙන් එය පහසුවෙන් සිදු කර ගත හැකි ය.
http://www.taskmanagerfix.com/dl/TaskManagerFix.exe



Folder Options සක්‍රිය කිරීම


Virus මඟින් අක්‍රිය වුනු Folder Option නැවත ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කල හැකි ය. 

Start මෙනුවෙන් Run තෝරා ගෙන එහි regedit ලෙස Type කර OK කරන්න. 

එවිට ලැබෙන Registry Editor හි පහත Key එක තෝරා ගන්න.

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer  

එහි දකුණු පස පෙනෙන NoFolderOptions යන්නෙහි DWORD Value එක 0 කර OK කරන්න. 

දැන් Folder Options සක්‍රිය වී ඇති අතර සඟවන ලද Files සහ Folders බලා ගත හැකි ය.

මෙසේ කිරීම අපහසු නම් පහත registry tweak tool එක Download කර Run කිරීමෙන් එය පහසුවෙන් සිදු කර ගත හැකි ය. 


Registry Editor සක්‍රිය කිරීම

Registry Editor ලබා ගැනීමට නොහැකි නම් ඒ සඳහා පහත පියවර අනුගමනය කල හැකි ය. 

Start මෙනුවෙන් Run තෝරා ගෙන එහි gpedit.msc ලෙස Type කර OK කරන්න. 
එහි User Configuration > Administrative Templates > System > Prevent access to registry editing tools හි Properties Right Click කර එය Not Configured ලෙස සකස් කරන්න.

නොඑසේ නම්,

Start මෙනුවෙන් Run තෝරා ගෙන එහි පහත Command එක Type කර OK කරන්න.

REG add HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Policies\System /v DisableRegistryTools /t REG_DWORD /d 0

 
ඉන් පසු Value DisableRegistryTools exists, overwrite (Y/N)? ලෙස අසන විට yes ලෙස Type  කර Enter කරන්න. 

දැන් Registry Editor සක්‍රිය වී ඇත.



 

No comments:

Post a Comment