Sunday, March 18, 2012

NTLDR is Missing Press any key to restart මොකද කරන්නෙ?

NTLDR is Missing
Press any key to restart

Boot: Couldn't find NTLDR
Please insert another disk

NTLDR is missing
Press Ctrl Alt Del to Restart

මෙවැනි error messages Windows XP පරිගණකයක පැමිණීමට හේතු කිහිපයකි, 


1. පරිගණකය bootable නොවන source එකකින් Boot කිරීමට උත්සාහ කිරීම
    මෙසේ සිදු වන්නේ Bootable නොවන CD හෝ USB Drives පරිගණකයට සම්බන්ධ කර එය Boot  
    කිරීමට උත්සාහ කිරීමේ දී ය.

2. Delete වූ හෝ Corrupt NTLDR හෝ NTDETECT.COM file 
    * Windows XP CD එක CD Drive එක තුළට ඇතුළු කර Restart කරන්න.
    * ඉන් පසු CD එකේන් Boot කිරීම සඳහා ඕනෑම Key එකක් Press කරන්න.
    * Windows repair කිරීම සඳහා "R" Key එක Press කරන්න.
 
    * ඉන් පසු "1" Key එක Press කිරීම මඟින් Windows තෝරා ගෙන පහත File දෙක Copy කරන්න.

                   copy d:\i386\ntldr c:\
                   copy d:\i386\ntdetect.com c:\
(මෙහි d යනු CD Rom එකයි. එය පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැකි ය.)
    * ඉන් පසු පරිගණකය Restart කරන්න.

3. boot.ini file එක වෙනස් වීම
   * සාමාන්‍යෙයන් C:\ හි මෙම File එක Hidden වී ඇති අතර එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා
      ඉහත ආකාරයටම Recovery Console එක ලබා ගෙන එහි bootcfg/rebuild ලෙස Type කර Enter 
      කරන්න. 
  * ඉන් පසු එහි එමඟින් පරිගණකයේ ස්ථාපනය කර ඇති OS හඳුනා ගන්නා අතර එය නිවැරදි බවට තහවුරු
     කර load identifier එක ලෙස OS එකේ නම ද OS load options ලෙස /fastdetect ලෙස ද Type කරන්න. 
  * ඉන් පසු පරිගණකය Restart කරන්න.

4. නව hard disk එකක් සම්බන්ධ කිරීම
    මීට ඉහත දී Windows ස්ථාපනය කර තිබූ HDD එකක් සම්බන්ධ කළ විට මෙසේ සිදු විය හැකි ය.

7. Corrupt boot sector/ master boot record
    මෙය නිවැරදි කිරීම Recovery Console එක ලබා ගෙන එහි fixboot සහ fixmbr commands run කිරීමෙන් 
    සිදු කළ හැකි ය. 

8. දැඩි ලෙස corrupt වූ Windows XP
    මෙය නිවැරදි කිරීම සඳහා Windows නැවත Install කළ යුතු වේ.

9. නිවැරදි ව සම්බන්ධ නොවූ හෝ කැඩී ගිය IDE/EIDE HDD cable
    

1 comment: