Monday, May 22, 2017

HDMI සහ DVI

HDMI (High-Definition Multimedia Interface)


Type A 

මෙය සාමාන්‍යයෙන් භාවිතා වන වර්ගය වන අතර Single-Link DVI සමග සම්බන්ධ කළ හැකි ය. එහි දී Video Quality අඩු වීමක් සිදු නොවේ. (DVI-D හෝ DVI-I පමණක් වන අතර DVI-A සමග නොවේ.). 

Type B

මෙය දැනට කිසිදු උපකරණයක භාවිතා නොවන අතර Dual-Link DVI-D සමග සම්බන්ධ කළ හැකි ය. එහි දී Video Quality අඩු වීමක් සිදු නොවේ. 

Type C (Mini)

මෙය Portable Devices වල භාවිතා වන අතර මෙය Type A-to-Type C cable / Converter එකක් භාවිතයෙන් type A connector එක සමග සම්බන්ධ කළ හැකි ය. 

Type D (Micro)
මෙය ද Portable Devices වල භාවිතා වේ. 

Type E
මෙහි Cable එක ගැලවීම වැළැක්වීමට Lock කිරීමේ ක්‍රමයක් ඇති අතර දූවිලි සහ තෙතමනය ඇතුල් වීම ද වළක්වයි.
DVI (Digital Visual Interface)



DVI-I (Integrated) (මෙහි Digital සහ Analog Signals දෙක ම ගමන් කිරීම සඳහා සකස් කර ඇත.)

DVI-D (Digital) (මෙය Digital පමණි.)

DVI-A (Analog) (මෙය Analog පමණි.)

DVI-to-VGA Adapter එකක් මගින් DVI, VGA බවට පත් කළ හැකි ය. මේ සඳහා DVI-I හෝ DVI-A Port එකක් පැවතිය යුතු ය. DVI-D to VGA Connect කිරීමට නම් Active Adapter (Converter) එකක් අවශ්‍ය වේ.


No comments:

Post a Comment